යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාල ගාව තියෙන picture එකක්, folder icon එකකට දාන්නෙ කියල.
මේක ඔයාලට photoshop වගේ software එකක් use කරලත් හදා ගන්න පුලුවන්..ඒත් මම අද ඔයාලට කියල දෙන්නෙ ඊට වඩා ලේසි විදියක්.මුලින්ම පහලින් දීල තියෙන ලින්ක් එකට යන්නකො.
දැන් ඔයාලට load වුණ site එකේ උඩින් තියෙනව choose file කියල ඒ button එක click කරල ඔයාලට folder එකේ icon එක විදියට දාගන්න ඕන picture එක select කරල open කරන්න.
ඊට පස්සෙ image upload button එක click කරන්න.
දැන් ඔයාලට ඕන icon size එක select කරල generate it! button එක click කරන්න.
දැන් ඔයාලට -- No sharpen -- Smart sharpen -- sharpen more -- sharpen Twice -- කියල icon හතරක් පෙන්නනව.ඔයාලට කැමති එකක් තෝරගෙන download this! button එක click කරල download කරගන්න.
දැන් ඔයාලට icon එක දාගන්න ඕන folder එක උඩ right click කරල properties window එක open කර ගන්න.
දැන් ඒ window එකේ customize tab එකට ගිහින් පහලින් තියෙන change icon button එක click කරන්න.
ඊට පස්සෙ open වෙන window එකේ browse කියන button එක උඩ click කරන්න
දැන් ඔයාල කලින් download කර ගත්ත icon එක තියෙන තැනට ගිහින් ඒක select කරල open කරන්න.
දැන් කලින් open වුන window එකේ ඔයාල select කරගත්ත icon එක පහළින් දීල තියෙන image එකේ විදියට පොඩිවට පෙන්නයි.දැන් ඒ window එකේ යටින් තියෙන ok button එක click කරන්න.
දැන් මුලින්ම open කර ගත්ත window එකේ පහලින් තියෙන apply button එක click කරන්න.
දැන් ඔයාගෙ folder එකේ icon එක වෙනස් වෙලා ඇති.☺
ඔයාලට තියෙන ගැටලු පහලින් comment කරන්න.එහෙනම් යාලුවනේ තවත් අලුත් post එකකින් හමුවෙමු.ගිහින් එන්නම් යාලුවනේ ඔයාලට සුභ දවසක්.













0 comments:
Post a Comment